Latest Movie :

Go Goa Gone


මෙහෙමයි කතාව… කාමරේක ඉන්නවා කොල්ලෝ තුන් දෙනෙක්, එකෙක් තමයි බනී. තමන්ගේ රස්සාව කරගෙන ඉස්සරහට යන්න උත්සහ කරන එකෙක්. අනිත් දෙන්නම රස්සාවක් කරනවා වුනත්, අරක්කු, කුඩු, ගංජා, තව තව දේවල් වලට ඇබ්බැහි වුනු පට්ටම ආතල් කොල්ලෝ දෙන්නෙක්. ඒ දෙන්නගෙන් හර්දික් කියන ඒකා නම් මහා පට්ටම චාටර් පොරක්, මොකද පොරට මත්ද්‍රවය වගේම කෙල්ලොත් එක්කත් එහෙමයි. දවසක් පොරගේ ඔෆිස් එකේම ඉන්න කෙල්ලෙක් එක්ක පොර වැඩේ කරන්න ගිහින් (ඔව් ඔව් ඒ වැඩේ තමා) බොසාට අහුවෙලා, රස්සාව කෙලවගන්නවා. අනිකා ලව් (නෑ නෑ ඒක තමා උගේ නම), පොරනම් පොරගේ කෙල්ල නිසා නිසා සේරම නරක වැඩ අතැරලා හොද මිනිහෙක් වෙන්න හිතන් ඉන්න පොරක්. ඉතින් පොරත් හොද මිනිහෙක් වෙන්න හිතා ගෙන කෙල්ලට ප්‍රෝපෝස් කරන්න යනවා. කෙල්ලෙක් නිසා කොල්ලන්ට කවදාවත් හැදෙන්න බැහැ කියනවා වගේ, ඉතින් ඊට පස්සේ මොකද වෙන්නෙ??? මෙන්න කරුමෙටම පොරවල් ආයෙත් සුපුරුදු පරණ ජීවිතේට බැහැල, මුන් තුන්දෙනාගෙන් මම අර මුලින් කිව්ව බනියා. පොරට පොටක් පෑදෙනවා නොමිලේ ගුවනින් ගෝවා නගරයට ගිහින් ඉදිරිපත්කිරීමක් (presntation) කරන්න.

ඒකෙන් ප්‍රයෝජන ගන්න අපේ අනිත් පොරවල් දෙන්නත් යනවා, බනී එක්ක ගෝවා වලට පොරවල්ලගේ විනෝදකාමී ආතල් ජීවිතේ ගත කරන්න. ආතල්ම හොයන පොරවල් නිසා ලව් සහ හර්දික් එහෙ යන්න හැදුවත් අතේ සතේ නැති නිසා අහිංසක බනියාවත් බලෙන්ම ඇදගෙන දූපතේ තියෙන සාදයට යනවා. දූපතේ තියෙන සාදයේදී, ඒකට සහභාගී වෙන අයට සල්ලි වලට පොඩි පෙත්තක් හම්බෙනවා මත් වෙන ජාතියේ. පෙත්ත මයේ හිතේ 5000 ක් විතර වෙනවද කොහෙද. අපේ පොරවල්ලට කොහෙන්ද එච්චර ගානක් පෙති ගහන්න තරම්. ඒ නිසා අපේ පොරවල් බේරෙනවා.මොකක්!! බේරෙනවා?? ඔව් බේරෙනවා. මොකද ඊලග දවසේ උදේ වෙද්දී ඒ පෙති පාවිච්චි කරපු සේරම අය මලයක්කු (සොම්බී) බවට හැරිලා. ඉතින්, දැන් මොකද කරන්නේ????

පට්ටම ටික ඔයාලම Movie එකෙන්ම බලන්නකෝ

                                                                       


Go Goa Gone Movie trailer 






                                                                           





Share this article :

Post a Comment

ඔබේ අදහස දාන්න අමතක කරන්න එපා එක අපිට ලොකු ශක්තියක්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Movie Cage - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger